නුවරඑළියේ ඉදි කිරීම් සීමා කරයි

ලබන මැයි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කර තිබෙනවා.

නුවරඑළිය ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නුවරඑළිය නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවීම සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදු කරන බව පසුගිය දිනක ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී.

ඒ නිසා සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කර ගෙන මෙම තීරණය ගෙන ඇත.