දකුණු ආසියාවේ විශාලතම වාණිජ සහ සැපයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමේ ගිවිසුමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සහ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම අත්සන් තබා තිබෙනවා.
එම වානිජ සහ සැපයුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල මහල් අටකින් සමන්විත වන අතර එහි උස මීටර 92 කි.
නවීන තාක්ෂණයෙන් සහ පහසුකම්වලින් පරිපූර්ණ මෙම ගොඩනැගිල්ලේ ගබඩා ධාරිතාව ඝනමීටර පන්ලක්ෂ 30,000ක් බවයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.

