කූපරයක් ගන්න ආසාවෙන් ඉන්න ඔයාට දැනුමට යමක්

මිස්ටර් බීන් ගේ කාර් එක…

ගොඩාක් අය දන්නේ එහෙමයි.. එහෙම නැත්නම් මිනී මයිනර් එහෙමත් නැත්තම් මිනී කූපරේ… මේ වාහනේ මුලින්ම නිෂ්පාදනය උනේ 1959දී . ඉතින් මේ කාර් එක 1959 ඉඳලා 2000 දක්වාම එක දිගට නිෂ්පාදනය උන ලොකු පොඩි කවුරුත් ආදරේ කරන කාර් එකක්. නමුත් මෑතක ඉදන් නැවතත් නිෂ්පාදනය වෙන්න පටන් අරන්. ඉස්සර වෙලාම මේ කාර් එක හැඳුවේ British Motor Corporation කියන කම්පැනි එක.

ඊට පස්සේ British Leyland කම්පැනි එක විසින් මිලට ගන්නවා….පසුව ඒ අයිතියත් Rover Group නැති නම් (Land Rover ) එකට ගත් අතර වර්ථමාන අයිතිය BMW කම්පැනි එකට ලබාගෙන තිබෙනවා.

ඒ කියන්නේ දැන් මිනී කූපර් හදන්නේ BMW Company එකෙන්.

එක එක කම්පැනි වලින් එක එක නම්, මේ වාහනේට භාවිතා කරලා තිබුණා. මිනී මයිනර්. මොරිස් මයිනර්.

ඔස්ටින් මිනී කූපර්. රෝවර් මිනී. තව මේ වගේ ගොඩක් නම් තියනවා…

මේකට හේතුව තමයි නිශ්පාදකයා මාරු වෙනකොට වාහනේ නමත් මාරු වෙන එක. 850cc ඉඳලා 1300cc වෙනකන් එන්ජින් ධාරිතාවයක් මිනි කූපරයට තියනවා… ඒ අතර සමහර අවුරුදුවල Special Edition සහ Anniversary Model කියලත් මේ හුරුබූටි කෙල්ල ඇවිත් තියනවා.

හැබැයි මේකේ 1380cc එන්ජින් එකක් තියන එකකුත් ආවා. ඒ කියන්නේ මොඩිෆිකේෂන් (Modification) එන්ජින් කියලා. ගොඩක් රේස් පදින්න හඳපු එන්ජින් එකක් තමයි ඒක.

ලංකාවේ බහුලව 1000cc කාන්ඩයේ වාහන භාවිතා කරත් , මෑතක ඉදන් ගොඩාක් දෙනෙක් 1300cc කාන්ඩයේ භාවිතයට හුරුවෙලා තියනවා..

ඒත් 850cc වාහනයක් නිශ්පාදන ආයතනයෙන්ම ගත්තා වගේ පාවිච්චී කරන පිරිසකුත් ලංකාවේ නැතුවාම නෙවේ. එච්චරටම පට්ට විදියට පාවිච්චි කරනවා. තවමත් ලංකාවේ මිනි කූපරය හොඳට දුවනවා. ඒ වගේ රේස් පදිනවා. දැක්කම ආස හිතෙනවා හරියට ලස්සන හුරුබුහුටී ගෑනු ලමයෙක් වගේ….මිල ඇහුවම තමා හිතෙන්නෙ මේ කෙල්ල මෙච්චර ගනං ද කියලා.

සාමන්‍යයෙන් ලක්ෂ 12 ඉඳලා ලක්ශ 18-32 වෙනකන් වාහන විකිනෙනවා. ලක්ෂ 18 ලක්ෂ 32 ක් දීලා අරන් , සැප පහසුවේ යන්න ආස අය වගේම ලක්ෂ 4-5 කට බොහොම අමාරුවෙන් බොඩියක් හොයාගෙන මුලු ලංකාවම පීරලා කෑලී හොයන් ගොඩ දාන කොලොත් ඉන්නවා.

සමහර කොල්ලෝ ගොඩ දාගන්න හිතන්නවත් බැරි (සමහර වෙලාවට බොඩිය දිරලා බිමට වැටිලා) එකක් හොයාගෙන කම්පැනි එකෙන් දැන් ගත්තා වගේ පාවිච්චී කරන වටිනාකමක් දන්න අයත් අපි අතරේ ගොඩක් ඉන්නවා.

මිනී cooper එකක් ගන්න ආසාවේ පෙරුම් පුරන කෙල්ලෝ කොල්ලෝ මට ඕනි තරම් හම්බෙනවා.

ඉතින්ඇත්තටම කිවුවොත් මිනී එකක් ගන්නවා කියන්නේ ලේසී වැඩක් නෙවෙයි. මිනී එකක් ගද්දි බලන්න ගොඩක් දේවල් තියනවා. අනිත් වාහන වගේ නෙවෙයි English වාහන කියන්නේ. (කෙටියෙන් කිව්වොත් ඇනේ පවා වෙනස් English වාහනවල.)

ඔයා මිනී එකක් ගන්න හිතන් ඉන්නවා නම් , මේ ගැන අනිවාරෙන්ම සැලකිලිමත් වෙන්න. මිනී එකක් ගන්න ඉන්න ඔයාට මං හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා.

• දිරුම් තියනවද කියලා හොඳට බලන්න.
මිනී වල ඇතුලට වතුර වැටුන පසු වතුර රැදීමේ හැකියාව ගොඩක් වැඩී නිසා ඉක්මනින් මළ අල්ලනවා. ඩිකිය අවට වැඩියෙන් හොඳට බලන්න, මොකද ගොඩක් මිනී වල මං දැකලා තියනවා එළියෙන් කිරි ටෝයියට තිබ්බට ඇතුලෙන් එහෙම නෑ. ඇතුල දිරලා. ඩිකිය ගැන සැළකිලිමත් නෑ.

• Milage එක ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා
මොකද අපි පරණ වාහනයක් ගන්නේ ආසාව නිසා සහ ඒ වාහනේට ඇති පිස්සුව නිසා එකක් ගැ 1959 සිට තියන කාර් එකක් ගැන millage ගැන අහන්න හිතන්නවත් එපා.

• ඔයා ගන්න හිතන් ඉන්නේ (manual) මැනුවල් කාර් එකක් නම් gears දාලා බලන්න. මොකද සද්ද බද්ද එනවද කියල, clutch plate ගිහිල්ලා වගේ නම් crash සද්දයක් එනවා.

• මිනී වල තියන තව ලොකුම ලෙඩක් තමයි බොයිල් කරන එක. (Radiator Boiling) ඒ කියන්නේ එන්ජිම හීට් වෙනවා වැඩී. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. මොකද බොයිල් කරනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ගොඩක් දේවල් තියනවා.

ඒ ගැන මං වෙන දවසක කියලා දෙන්නම් මොනවද කරන්න තියෙන්නේ කියලා

මේ කරුණු ඉතා හොදින් බලන්න. නැත්තම් පස්සට කරදර වැඩී

අනික මිනී එකක් ඔයා ගන්නවා නම් , මොනවා උනත් පරණ වාහනයක්නේ. ඒක නිසා මිලදී ගන්න ගානට අමතරව තව ලක්ෂ 2ක් -3ක් වත් අඩුම තරමේ වැඩිපුර තියා ගන්න. මොකද ඒක තමයි ඇඟට ගුණ. අතේ තියන ඔක්කම සල්ලි යට කරලා මිනී එකක් ගන්න ඉන්නවා නම් ඒ වැඩේ කවදාවත් කරන්න එපා. මොකද ඔයාට මිනී එපා වෙනවා. එකේ දෙකක් නෑ. අනිවාරෙන්ම අතේ වැඩිපුර සල්ලී තියා ගන්න. මොකද මොන මිනිය ගත්තත් හදන්න වෙනවා

තව දෙයක් මතක තියා ගන්න.. හොඳ මිනී එකක් පදින කෙනෙක් කවදාවත් ඒක විකුනන්නේ නැති නිසා.

සටහන ධනුජය රත්නායක