අධික උණුසුමෙන් තායිලන්තයට ත් බලපෑම්

පවතින අධික උණුසුම හේතුවෙන් තායිලන්තයේ බැංකොක් අගනුවර ඇතුලු විශාල ප්‍රදේශයක ජනතාවට එළිමහනට යෑමෙන් වළකින ලෙස එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

බැංකොක් හි බග්නා ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 තරම් ප්‍රමාණයකට ඉහළ ගොස් ඇති අතර මේ නිසා විදුලි ඉල්ලුමද බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ආසියාවේ රටවල් රැසක මේ වන විට දැඩි උෂ්ණත්වයක් පවතින අතර, බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවල අධික විදුලි පරිභෝජනය හේතුවෙන් විදුලි ඇණහිටීම් නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ.