අනිද්දා උතුරු හා නැගෙනහිර පළාත් වල හර්තාල්

ලබන 25 වන අඟහරුවාදා දින උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

දෙමළ ජාතික සන්ධානය හා උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එය සංවිධානය කර තිබේ.