උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
ඒ හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය, චිත්‍ර, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයයන්ට අදාළව පාලක පිළිතුරු පත්‍ර සළකණු පටිපාටිය සම්මත කර ගැනීමත් සමඟ ය.
යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කලුතර සහ කුරණෑගල යන නගර ආශ්රිත පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවල දී එම කටයුතු සිදු කරනු ලබයි.
එසේම සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍ය යටතේ ත් ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් යන බවයි ඔවුන් තවදුටත් ප්‍රකාශ කර සිටින්නේ.

