ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතී

රෝගීන් සඳහා භාවිතා කළ ඖෂධක් නිසා විවිධ සංකුලතා ඇති වීම හේතුවෙන් මේ වනවිට ජාතික අක්ෂි රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල තාවකාලිකව නවතා දමා තිබෙනවා.

මෙසේ සංකුලතා ඇති වීමට හේතු වී ඇත්තේ මෑතකදී ඉන්දියාවෙන් ආනයනය කරන ලද Prednisolone නැමැති ඖෂධය යි.

මෙම ඖෂධය වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී ඇති අතර එය රෝහල් වෙත සැපයීමද මේ වනවිට අත්හිටුවා ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ලබන සඳුදා සිට යළිත් ජාතික අක්ෂි රෝහලේ ශල්‍යකර්ම සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇති බව යි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ.