2019 වසරේ අප්‍රේල් 21 වන දා දිනක දේවස්ථාන තුළට රැස් වෙමින් පාස්කු ඉරු දින දේව මෙහෙයන් වලට සහභාගී වූ ඒ අහිංසක ජනතාව සදහටම දෙව් මවු තුරුලට යැවූ ඒ ඛේදනීය සිදුවීමට අදට සිව් වසරක් සපිරෙනවා.
කතෝලික හා ක්‍රිස්තියානි දේවස්ථාන 3 ක් මෙන්ම කොළඹ හෝටල් හා අවන්හල් 7 ක් ඉලක්ක කර ගෙන දියත් වූ ඒ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 269 කි. තවත් බොහෝ පිරිසක් සදාකාලික ආබාධිතයන් බව පත් විය.
දිවයින පුරා වූ දේවස්ථාන රැසක අද දිනයේ පාස්කු ප්‍රහාරයෙන් මෙලොව හැර ගිය පිරිස් සිහිපත් කරමින් දේව මෙහෙයන් සංවිධාන කර ඇත.
එසේම පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 4 ක් සම්පූර්ණ විමට සමගාමීව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය කරා පා ගමනක් සංවිධානය කර තිබුණා. එය සත්‍ය හා යුක්තිය සොයා අබ්බා පියාණන් වහන්සේට මොර ගසන යැඳුමේ පා ගමන ලෙස නම් කොට ඇත.

