යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යල කන්නය සඳහා සහනාධාරයක් ලෙස රුපියල් මිලියන 15,000 ක යුරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල මෙරට ගොවි ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇත.
මෙම පරිත්‍යාගය කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් බාර දීම හෙට හම්බන්තොට බටඅත කෘෂිකර්ම උද්‍යානයේ දී සිදු වේ.
ඒ අනුව පොලොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක වල හෙක්ටෙයාර් භාගයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් 71,000ක ට නොමිලයේ කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් බැගින් ලබා දීමට නියමිත ය.

