වසර 10 කට පසු දෙමුහුන් සූර්යග්‍රහණයක්

අද දින දෙමුහුන් සූර්යග්‍රහණයක් දර්ශනය වන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

එකම සූර්යග්‍රහණයක් තුළදී සූර්යයා පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වීම හේතුවෙන් මෙම විරල දෙමුහුන් සූර්යග්‍රහණ ඇති වේ.

සූර්යග්‍රහණය ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් අද ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04ට ආරම්භ වී දහවල් 12.29ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිත ය.

කෙසේවෙතත් මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට දෘෂ්‍යමාන නොවනු ඇත.