මේ දිනවල පවතින උණුසුම් කාලගුණයෙන් ආරක්ෂාවීම සඳහා කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ ජනතාව දැනුම් දෙනවා.
ඒ අනුව උණුසුම් කාලගුණයෙන් ආරක්ෂාවීම සඳහා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිනෙවා.
අදාළ උපදෙස් පහතින්.
*වැඩිපුර දියර වර්ග ආහාරයට ගැනීම. (ස්භාවික පළතුරු යුෂ, තැඹිලි වතුර, ජීවනී වැනි පානයන් )
*දරුවන් පාසල් යන විට වතුර බෝතලයක් රැගෙන ගියා නම් මේ දිනවල වතුර බෝතල් දෙකක් ලබාදෙන්න.
*දරුවන්ට වැඩිපුර වේලාවක් වතුරේ සිටීමට ඉඩ දෙන්න. (විනාඩි 20 ක් පමණ)
*දිනකට දෙවරක් ස්නානාය කිරීම.
*හිරු එළියට නිරාවරණය වන්නේ නම් කුඩයක් හෝ හිස් ආවරණක් භාවිතා කිරීම.
*සරල ඇඳුමක් ඇඳීම.

