ලබන සතියෙන් පසුවත් ගුරුවරුන් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව සඳහා එක් නොවන්නේ නම් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
විභාග කමිටුවක් ද පත් කරමින් අධ්‍යාපනය හා විභාග සඳහා නීතියක් ගෙන ඒමට තමන් කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.
කෙසේවෙතත් අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ උපක්‍රමයක් ලෙස එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම අනුමත කළ නොහැකි බව යි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය චෝදනා කරන්නේ.

