උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භයට අවදානය

ඉදිරි දින කිහිපය ඇතුළත උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට බොහෝ දුරට හැකි වනු ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්‌ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කරනවා.

ඒ සිය ඉල්ලීම් වලට ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිචාර යහපත් වීමත් සමඟ ය.

ඒ අනුව මේ පිළිබද අවසන් තීරණය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්‌ගේ සමිති සම්මේලනයේ සියලු දෙනා රැස් වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව දැනුම් දීමට නියමිත ය.