අර්ධ සුඛෝපභෝගී බස් රථ අහෝසි කරයි

අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මැයි මාසයෙන් පසුව අහෝසි කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව දැනට පවත්නා අර්ධ සුඛෝපභෝගී බස් රථ සියල්ල සාමාන්‍ය බස් රථ හෝ සුඛෝපභෝගී බස් රථ බවට පත් කරන ලෙස බස්රථ හිමියන්ට දැනුම් දෙයි.

එසේම ඒ සඳහා කිසිදු ගාස්තුවක් අය කිරීමක් සිදු නොවනු ඇති බවටයි කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.