2023 වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද පස්වරු 2.59ට යෙදී තිබූ සුබ නැකතින් උදා වුනා.
ඊළඟට එළඹෙන ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ පස්වරු 3.29 ට ය.
නැකත් සීට්ටුවට අනුව විචිත්‍රවත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා, දී කිරි මිශ්‍ර කිරිබතක් ද තල හා විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගත යුතු වේ.
ඉන් අනතුරුව වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභ කිරීමේ නැකත අද පස්වරු 5.05 ට යෙදී ඇත.
විචිත්‍ර වර්ණ වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම යහපති.
එසේ නම් මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත් රටටත් සෞභාග්‍යමත් හා නිරෝගිමත් වසරක් වේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා!
බුදු සරණයි!

