අලුත් අවුරුදු නැකත් යෙදෙන අද දිනයේ බස් රථ හා දුම්රිය ධාවනය අතිශය සීමා සහිත වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
කෙසේවෙතත් හෙට සිට ලබන 18 වැනිදා දක්වා පිට පළාත්වල සිට කොළඹට පැමිණීම සඳහා බස් රථ යෙදවීමට සැලසුම් කර ඇත.
එසේම ඉරිදා සහ සති අන්ත නිවාඩු දිනවල ධාවනය වන ආකාරයට සීමිත ගමන් වාර සංඛ්‍යාවක් යටතේ අද දින දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

