ඇමරිකාවේ රහස්‍ය දත්ත රැසක් අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයෙකි. ඔහු අන්තර්ජාල සූදු කණ්ඩායමක නායකයෙකු බව ද අනාවරණය වී ඇත.
රහසිගත ආරක්ෂක තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ සහ ඔත්තු බැලීමේ අපරාධ පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන බවයි අමෙරිකානු බලධාරින් සඳහන් කළේ ය.
යුක්රේනයේ සහ ලොව පුරා අනෙකුත් රටවල යුද්ධය පිළිබඳ සංවේදී බුද්ධි තොරතුරු රැසක් එම රහස් ලේඛනවල ඇතුළත්ව තිබී ඇත.

