රිය අනතුරුවලින් 25ක් මරුට

ගත වූ දින 5 තුළ සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ මෙම දින 5 තුළ අනතුරු 265ක් සිදුව ඇති බවට වාර්තා වී ඇති බවයි.