ශ්රී ලංකාවේ දෙවුන්දර තුඩුව ආශ්රිතව රේඩාර් පද්ධතියක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඉකනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියාවේ නාවික හමුදාවේ ක්රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම එම රේඩාර් පද්ධතිය පිහිටුවීමේ අරමුණ ලෙස සඳහන් කර ඇත.
නිරීක්ෂණ පද්ධතිය මගින් නැගෙනහිර අන්දමන් සහ නිකෝර්බා දූපත් දක්වා පරාසයක ක්රියාත්මක වීමේ හැකියාව පවතී.

