ගල්ඔය සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතරදී ත්රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ, රාත්රී තැපැල් දුම්රියේ වන අලි දෙදෙනෙකු ගැටීම හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.
දුම්රිය යලි පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර කොළඹ සිට ත්රිකුණාමලය දක්වා වූ දුම්රිය, කැකිරාව තෙක් සීමා කර ඇත.
අනතුරට පත් වන අලි දෙදෙනා මිය ගොස් ඇති බවටයි පොලිසිය වාර්තා කරන්නේ.

