කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්රදේශවල ජල සැපයුම අද දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ සිදු වන අතර උස් ස්ථානවල ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ජාතික ජලසම්පාදන ජලාපවාහන මණ්ඩලය ප්රකාශ කරනවා.
ඒ කොලොන්නාව ප්රදේශයේදී අඹතලේ ජල පවිත්රාගාරයේ සිට ජලය බෙදා හරින නල මාර්ගයක බිඳ වැටීමක් හේතුවෙනි.
අදාළ නල මාර්ගයේ අලුත්වැඩියා කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර කඩිනමින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වනු ඇතැයි ඔවුන් දන්වා සිටිනවා.

