ඉන්ධන බෙදා හැරීමට එක්වන විදෙස් සමාගම්

ලංකාව තුළ ඉන්ධන බෙදා හැරීම සඳහා අවසර හිමි වූ විදේශීය සමාගම් ඉදිරි මාස දෙක තුළ සිය බෙදා හැරීම් කටයුතු ආරම්භ කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා සිටිනවා.

මෙසේ ඉන්ධන බෙදාහැරීමට අවසර ලැබී ඇති සමාගම් වනුයේ චීනයේ සිනෝපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්ට්‍රෝලියම් සහ අමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම් පාක්ස් යන සමාගම් ය.

එක් සමාගමකට ඉන්ධන පිරවුම්හල් 200 බැගින් ලබාදීමට සැලසුම් කර ඇත.