සියලු ක්ෂේත්රවල වෘත්තීය සමිති සහභාගිත්වයෙන් අද දහවල් කොළඹදී උද්ඝෝෂණයක් සංවිධාන කර ඇත.
ඒ රජය විසින් ගෙන ඒමට සූදානම් වන ප්රතිත්රස්ත පනත් කෙටුම්පත, වෘත්තීය සමිති ක්රියාකාරීන් මර්ධනය හා රජයේ බදු ප්රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ය.
එසේම දීමනා ගැටළුවක් මූලික කර ගනිමින් අද දිනයේ කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා වලින් බැහැරවීමට ජාතික ජලසම්පාදන මණ්ඩලයේ වෘත්තීය සමිති ද තීරණය කර තිබෙනවා.

