පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ නැගෙනහිර කලාපයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.2ක ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇත.

එය කිලෝමීටර් 80ක පමණ ගැඹුරින් සිදුව ඇති අතර කම්පන තත්ත්වය නැගෙනහිර සෙපික් පළාතේ කිලෝමීටර් 100ක පමණ වන කලාපයකට දැනී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවට දැනුම් දී ඇත.

සිදුව ඇති ජිවිත හෝ දේපළ හානි පිළිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.