විසඳුම් දෙන්නේ නම් පිළිතුරු පත්‍ර පරික්ෂාව අරඹන්න පුළුවන්

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි විසඳුමක් ලබා දෙන්නේනම් කඩිනමින් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට තමන් සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කර සිටිනවා.

බදු ප්‍රතිපත්තිය නිසා අසාධාරණයට ලක්වෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හට යම්කිසි සහනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් පිළිතුරු පත්‍ර පරික්ෂාව වර්ජනය කර සිටිනවා.

එසේම පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමේ දී ඇති වන මෙම ප්‍රමාදය සඳහා ආණ්ඩුව වග කිව යුතු බව දන්වා සිටිනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපති මහාචාර්යය ශ්‍යාම බන්නැහැක මහතා පවසා සිටියේ සිංහල හෝ දෙමල යන කිසිදු මාධ්‍යකින් පිළිතුරු පත්‍ර පරීක්ෂාවක් මෙතෙක් ආරම්භ කර නොමැති බවයි.