ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද පැවැති පන්දුවාර විස්සයි විස්ස පළමු තරගය කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් තරඟයේ තීරණය සඳහා සුපර් ඕවරයක් ක්‍රීඩා කිරීමට සිදුවිය.
සුපර් ඕවරය අවසානයේ දී නවසීලන්ත කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 8ක් පමණි.
ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු පන්දු 3ක් තුළ දී රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙමින් සුපිරි ජයක් ඔවුන් සතු කර ගත්තා.
තරගය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවැත්වුනි.

