ලොව පුරා බොහෝ රටවල තහනමට ලක් වෙමින් යන Tiktok දුරකථන යෙදවුම භාවිතයට ප්රංශය විසින් ද සීමා පනවා ඇත.
ඒ අනුව ප්රංශය රාජ්ය සේවකයින් ගේ රාජකාරී ජංගම දුරකතන සඳහා TikTok යෙදවුම භාවිතය තහනම් කර ඇත.
පරිපාලනයේ සහ සිවිල් සේවකයින්ගේ සයිබර් ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම පියවර ගත් බව ප්රංශ රජය පවසා තිබෙනවා.
චීනයට අයිති මෙම යෙදවුම හරහා චීන රජය රහස්ය තොරතුරු එක් රැස් කිරීම හේතුවෙන් විවිධ රටවල් මෙම පියවර ගෙන ඇත.

