තනිකඩ ඉන්නත් පිං කරලා තියෙන්න ඕනි

ලංකාවේ නං සාමාන්‍යයෙන් අවුරුදු විසිපහ, විසිහය පනිනකොට අම්මලා තාත්තලා, නැන්දලා මාමලා විතරක් නෙවෙයි, අහල පහල හැම එකාම වගේ මතුරන කතාව තමයි , “ දැන් ඉතින් කලවයස හරි නේද, තාම නැද්ද පෙළවහක් කොරගන්න කම්පනාවක්? ” හොරෙන් වත් එකක් කරනවා ද ? ඔය වෙලාවට අම්මලා තාත්තලා අහල පහල හිටියොත් ඒ අයත් ෆෝම් වෙනවා. එතකොට තමයි ඕකගේ කලිසම ඔලුවෙන් ගලවන්න හිතෙන්නේ. හැබැයි අපි හීනියට අමාරු හිනාවක් දාලා “ඔව්වට තව කල් තියනවා නේ ” කියලා මාරුවෙන වෙලාවල් නම් අනන්තයි. හරි දැන් ඔහොම කලවයස ඇවිල්ලත් කසාද නොබැඳ ඉන්නේ අහවල් එක කරන්නද? සමහරු නං අපිට කියන්නේ “මට තනිකඩ ජීවිතේ තරං වෙන මොකක්කත් සැපක් නෑ ” කියලනේ.

හැබැයි ඇත්ත කතාව උන්ට ගෑණුවත් පිරිමිවත් සෙට් වෙන්නෙ නෑ. හැබැයි වැඩිහරියක් ඔහොම ඉන්න එවුන්ට ඇත්තටම කසාද ජීවිතේට වඩා තනිකඩ ජීවිතේ ආතල් නිසා එහෙම ඉන්නවා මොකද ඒ තරම් පට්ට නිදහසක් තවත් නැති නිසා.. තනිකඩ ජීවිතේ තියෙන ආතල් සහ දුක් සීන් පෙන්නලා දෙන්නයි මං හදන්නේ. මේ ටික කියවලම තීරණය කරන්න ඔයා තනියම ඉන්නවා ද , නැත්තං ගෙදරට නාකි වෙනවද කියල.

ඔන්න එහෙනම් මන් වැඩේට බහිනවා. මේක තමයි පළවෙනි කාරණාව
තනිකඩව ඉන්න හාදයෙක්ට හාදියක්ට තමන්ට ඕන දේ තමන්ට ඕන විදියට තමන්ට ඕන වෙලාවට තමන්ට ඕන කෙනෙක් එක්ක කොරන්ඩ නිදහස තියෙනවා.ඒක නේ ඉතිං ඇත්ත කතාව, ආය කාගෙන් කියලා අහ අහා ඉන්නද? ඉන්දියාවේ වන්දනාවක යන්න ඕන කියලා හිතුවද, සල්ලි තියෙනවා නං, නිවාඩුවකුත් ගන්න පුලුවන් නං සිල් රෙදි ටික හොයාගෙන, මල්ල කරේ දාගෙන යන්ටයි තියෙන්නේ. හැබැයි කසාද බැඳලා හිටියොත් එහෙම සෙල්ලන් බෑ. තෝ කාත් එක්කද යන්නේ ? අරකිත් එනවා නේද කියල ජරමර ගොඩයි.

අනිත්‍ එක තමයි සල්ලි ප්‍රශ්ණ නෑ. අරයට මේක අරන් දෙන්න ඕනි අර වෝච් එක අරන් දෙන්න වෙනවා නේද කිය කිය පසු තැවෙන්න ඕනි නෑ. කෙලින්ම කිව්වොත් වියදම් නෑ. අතල් එකේ තමන්ට ඕනි දේවල් කරන්න පුළුවන්.

තනිකඩ සෙට් එකට තියන පට්ටම චාන්ස් එක තමයි , හිතෙන ඕනි කෙනෙක්ව හම්බෙන්න යන්න පුළුවන්. තෝ කවද හම්බෙන්න යන්නේ , මොකටද යන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. සිකුරාදා රෑ වෙද්දී යාළුවොත් එක්ක පොඩ්ඩක් හීනියට අඩියක් එහෙම ගහල තමන්ගේ අතල් එක ගන්න ඉතින් හැමෝටම බෑ කියනවා නේ.

හැබැයි සමහර වෙලාවට තනිකඩ ඉන්න කොච්චර ආස උනත් පට්ට දුකක් හිත ඇතුලෙන් එනවා. ඒ සමහර වෙලාවට පට්ට පාළුවක් දැනෙනවා. කතා කරන්න කවුරුත් නෑ , රණ්ඩු වෙන්න කව්රුත් නැති උනාම මොනා උනත් පොඩි දුකක් දැනෙනවා නේ. ඉතින් අපේ ජිවිතේට දුක් සීනුත් අනන්තයි, අප්‍රමාණයි නේ. ඒ වෙලාවට තමයි හිතෙන්නේ ඉතින් බැදපු එකක් හරි කමක් නෑ කරගහන්න ඕනි කියලා. ලොල්… එහෙම හිතෙන්නේ තමන්ගේ පාළුවට දුක හිතේ තියාගන්න ඉන්න බැරි කමට. ලෝකේ ඉන්න අපේ විද්‍යාඥ ගොල්ලෝ ටිකක් හොයන් තියෙනවා ලු , හෘදයාබාද එනවා කියල තනියම හිතේ දුක තදකරගෙන ඉන්න අපේ තනිකඩව දුක් විදින සමහර කොල්ලෝ කෙල්ලොන්ට. මොනවා උනත් මට කියන්න තියෙන්නේ , හැමදාම තනිකඩව පස්ස පැත්තේ මකුළුදැල් බැදෙනකන් ඉන්න ඕනි නෑ. කාලයත් එක්ක ඔයාටම දැනෙයි දැන් පෙළවහක් කරගන්න කාලේ හරි කියල. එත කොට ආයේ හිතන්න දෙයක් නෑ, වැඩේට බහින්නයි තියෙන්නේ.

වැලන්ටයිම් දවසේම මේ අයිඩියාර් එක ආපු එක ගැන තමයි මටම පුදුමේ. තනිකඩ කෙල්ලෝ කොල්ලෝ සතුටු වෙන්න අද වගේ දවසක කීයක් හරි ඉතිරි උනා කියාලා. සෙට් වෙලා ඉන්න උන් හිතාගනිල්ලා අතේ තිබ්බ ගානටත් කෙල උනා කියලා.
ලොල්. . එහෙනම් හැමෝටම ජය වේවා ! බුදු සරණයි !!

ධනුජය රත්නායක