දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස මේ මස 23 වැනිදා විවෘත කෙරෙන බව මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව, කිලෝමීටර් 96 ක දිගින් යුත් එම කොටස රථවාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනුයි එය විවෘත කෙරෙන්නේ.
මෙම දිගුව මඟින් රටේ ප්‍රධාන වරායන් හා ගුවන් තොටුපළවල් දෙක සම්බන්ධ කර භාණ්ඩ පහසුවෙන් හුවමාරු කිරීමට හැකි අතර මගීන්ට පහසුවෙන් ගමන් කිරීමට හැකියාව ද ලැබෙනවා.

