රාජ්‍ය ආයතන 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම ආයතන නම්,
- ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම
- ශ්‍රී ලංකා ටෙලිකොම් PLC
- සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
- කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ – ග්‍රැන්ඩ් හයට්)
- හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
- සී/ස ලිට්රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්රෝ ගෑස් ලංකා සමාගම
- ලංකා හොස්පිටල් සංස්ථා PLC
මෙම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම සදහා පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් කෙටි කලකින් තෝරා පත් කර ගනු ඇත.

