මීගමුව කඩොලාන ආශ්රිත ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් වන අඩවි නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත්, පෙනීසිටින බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.
අද (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
රජය සෑම විටම රටේ නීතියට අනුව යම් රජයේ නිලධාරියෙක් වැඩ කටයුතු කරන්නේ නම් එම නිලධාරියා සමඟ සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

