2023 රාජ්‍ය වෙසක් උත්සවය හලාවතට

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 04 වැනිදා හලාවත – කබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට රජය තීරණය කර ඇති බව බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

“තමා තමාටම පහනක් වන්න” යන්න මෙවර වෙසක් දින තේමාව වී ඇත .

වෙසක් සතිය මැයි මස 02 සිට 08 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි.