පළාත් 05 ක අදත් වෛද්‍ය වැඩ වර්’ජනයක්

කලින් සැලසුම් කළ පරිදි අද දිනයේ පළාත් පහක් තුළ සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය පැවසුවේ උතුර, උතුරුමැද, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වල රජයේ රෝහල්වල අද දිනයේ වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවයි