ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට මැලේසියාවේ රැකියා

ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට පමණ රැකියා අවස්ථා ලබාදීමට මැලේසියානු රජය එකගතාව පළ කර තිබෙනවා. එම එකගතාව පළ කර ඇත්තේ මැලේසියාවේ නිල සංචාරයක නිරත විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර සහ එරට ස්වදේශ කටයුතු අමාත්‍ය සෆුදින් බින් ස්මයිල් අතර පැවැති සාකච්ඡාවකදීයි.