සදුදා වෛද්‍යවරු වැඩ නැත් ද ?

ලබන සඳුදා සිට අදියර කිහිපයක් යටතේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, පළමු අදියර යටතේ ලබන සඳුදා පළාත් 4ක වැඩ වර්ජනයේ නිරත වීමටයි තීරණය කර ඇත්තේ.

සඳුදා වෛද්‍යවරුන් වැඩ වර්ජනයේ නිරත වන පළාත් වන්නේ බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර හා දකුණයි.