බඩු මිල අඩු වෙයි

ආනයනික ආහාරද්‍රව්‍ය තොග මිල 10% කින් පමණ පහත වැටී තිබෙන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳ සංගමය සඳහන් කළා. ඒ අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම හේතුවෙන්. ඒ අනුව ආනයනික සීනි, පරිප්පු සහ ලූණු තොග මිල රුපියල් 30 කින් අඩු වී ඇති බවයි එම සංගමය පැවසුවේ.