පොතුවිල් පෙලිස් වසමේ හිජ්රත් නගර් ප්රදේශයේදී පදිංචිව සිටි වයස අවුරුදු 43ක් වු පුද්ගලයෙකු වන අලි පහරදීමකින් මිය ගොස් ඇති බව පොලීසිය පවසයි. මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය පොතුවිල් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසි වැඩිදුර විමර්ශන සිදු කරයි.

