ටිකට් වංචාවලින් ලංගමට දිනක පාඩුවකෝටියක්

ලංගම ප්‍රවේශ පත්‍ර වංචා නිසා දිනකට රුපියල් කෝටියක පාඩුවක් සිදුවී ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

ලංගම ඩිපෝ 107ක් තිබෙන අතර, සෑම ඩිපෝවකටම අයත් බස් රථවලින් බොහෝ කොන්දොස්තරවරු නොයෙක් ආකාරයේ ප්‍රවේශ පත්‍ර වංචා සිදු කිරීම නිසා මේ පාඩුව සිදු වී තිබේ. මේ නිසාම ලංගම බස් රථ පරීක්ෂා කිරීම සඳහා කඩා පනින හමුදාවක් මීට දින කිහිපයකට පෙර පිහිටුවූවා. එම කඩා පනින හමුදාව පසුගිය දිනක දී ගම්පහ ඩිපෝවට අයත් බස්රථයක් කඩවත සිට මාතර බලා අධිවේගය හරහා ධාවනය කරද්දී සිදු කළ පරීක්ෂාවකදී ප්‍රවේශ පත්‍ර වංචාවක් සොයා ගැනීමට හැකිවී තිබේ. එහි දී අදාළ බස් රථයෙන් කොන්දොස්තරවරයා රුපියල් දසදහස් ගණනක ප්‍රවේශ පත්‍ර වංචාවක් සිදු කොට තිබිණ. අදාළ සිද්ධිය සැලවූ වහාම ඒ මොහොතේම බස් රථයේ කොන්දොස්තරවරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බවද කිංස්ලි රණවක මහතා පැවසුවේය.

නිමල් රාජපක්ෂ