Jensen Huang යළි Nvidia හි ප්‍රධානියා ධුරයට

චීන කාන්තාවක සමඟ සම්බන්ධතා පැවැත්වූවා යැයි සිදුවුණු ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවකින් අනතුරුව Jensen Huang යළි Nvidia හි ප්‍රධානියා ධුරයට පත් කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

මම මෙම වගකීම ඉතාමත් නිහතමානීව සහ අලුත් කළ කැපවීමකින් භාර ගන්නා බවයි ඔහු සිය නැවත පැමිණීම ගැන අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

මේ අතර අන්තර්කාලීන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කළ කොලෙට් ක්‍රෙස් ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස දිගටම කටයුතු කරනු ඇත.

“NVIDIA අධ්‍යක්ෂ මණ්ඩලය ජෙන්සන් හුවාං නැවත ප්‍රධාන විධායක තනතුරට පත් කිරීමට නිවැරදි සහ නිසි තීරණයක් ගෙන තිබේ”, යනුවෙන් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් මෙම තීරණය පිළිගෙන තිබෙනවා.

ජෙන්සන් NVIDIA වෙත නැවත පැමිණීම ජාතික ආරක්ෂාවට කිසිදු අවදානමක් ඇති කරන බව විශ්වාස කිරීමට එක්සත් ජනපද රජයට කිසිදු හේතුවක් නැති බවයි ට්‍රම්ප් වැඩිදුරටත් එහි සඳහන් කර ඇත්තේ.