AI පාලනය මිනිස් අතින් ගිලිහෙයි ද? Meta හි AI ප්‍රධානියා superintelligence ගැන අනතුරු අඟවයි

කෘතීම බුද්ධියේ (AI) පාලනය මානව වර්ගයාට අහිමි වීමේ අවදානම පිළිබඳව Meta හි ඉහළම AI විධායක නිලධාරියා Alexandr Wang අනතුරු අඟවා තිබෙනවා.

AI දැවැන්තයෙකු වන Anthropic හි සේවකයෙකු ගණිතයේ ඇති දුෂ්කරම ගැටළු වලින් එකක් වන රීමන් කල්පිතය විසඳීමට Claude භාවිතා කළ බව නිවේදනය කිරීමෙන් පසුවයි Alexandr Wang මෙම අනතුරු ඇඟවීම නිකුත් කළේ.

මිනිස් බුද්ධියට වඩා බෙහෙවින් ඉක්මවා යන සුපිරි බුද්ධිය (superintelligence) බිහි වීමට ඉතා ආසන්න පසුබිමක සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

“Superintelligence is arriving,” යනුවෙන් ඔහු X හි සටහනක් ද තබා තිබෙනවා.