ඉල් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.
බෞද්ධ ඉතිහාසයේ සහ ශාසන ඉතිහාසයේ සුවිශේෂී වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස ඉල් පුර පසළොස්වක පොහොය දිනය සැලකේ.
වස් එළැඹ සිටි භික්ෂූන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජා කළ හැකි අවසන් පොහොය දිනය මෙය වනවා.
රහතන් වහන්සේලා 60 නම ධර්ම ප්රචාරය සඳහා පිටත්කර යැවීම, අගසව් සැරියුත් මහා රහතන් වහන්සේ පිරිනිවන් පෑම, ගෞතම බුදුන් වහන්සේගෙන් මතු බුදුවන මෛත්රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීම, බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා උරුවෙල් දනව්වට වැඩම කරවීම යනාදී වැදගත් සිදුවීම් රැසක් මේ ඉල් පොහෝ දිනයේ සිදු වූ බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.

