නොවැම්බර් මාසයේ පළමු දින 15 තුළ විදෙස් සංචාරකයින් 102,469 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙනවා.
එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 31,185ක් වනවා.
දෙවන ස්ථානය රුසියාවට හිමිව ඇති අතර, එරටින් සංචාරකයින් 9,772 දෙනෙකු පැමිණ තිබේ.
එක්සත් රාජධානියෙන් 6,898 දෙනෙකු, ජර්මනියෙන් 6,574 දෙනෙකු සහ චීනයෙන් 5,147 දෙනෙකු එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව, 2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,964,773ක් දක්වා ඉහළ ගොස් තිබේ.

