මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද (18) පෙරවරු 7.30ට නිකුත් කළ වායු ගුණාත්මක දර්ශකයට (AQI) අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට ළඟා වී තිබෙනවා.
වායු ගුණාත්මක දර්ශකය අනුව 0ත් 50ත් අතර අගයන් යහපත් මට්ටම ලෙසත්, 51ත් 100ත් අතර අගයන් මධ්‍යස්ථ මට්ටම ලෙසත් වර්ගීකරණය කර තිබේ.
101ත් 150ත් අතර අගයන් සුළු වශයෙන් අහිතකර මට්ටමටත්, 151ත් 200ත් අතර අගයන් සෞඛ්‍යයට අහිතකර මට්ටමටත් අයත් වේ.
201ත් 300ත් අතර අගයන් ඉතා අහිතකර මට්ටම ලෙසත්, 301ත් 500ත් අතර අගයන් අනතුරුදායක මට්ටම ලෙසත් වර්ගීකරණය කර ඇත.
ඒ අනුව, ඉහළම වායු ගුණාත්මක දර්ශක අගය වන 186 යාපනය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, කිලිනොච්චියෙන් 170ක්, හලාවතින් 162ක්, අනුරාධපුරයෙන් 165ක් සහ බත්තරමුල්ලෙන් 166ක් ලෙස එම අගයන් වාර්තා වී ඇත.
එසේම ත්‍රිකුණාමලයෙන් 156ක් සහ අක්කරපත්තුවෙන් 154ක් ලෙස ද වායු ගුණාත්මක දර්ශක අගයන් වාර්තා වී තිබේ.
මෙම ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බැවින් ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ අවදානමක් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කරනවා.
මේ අතර, ඇල්ල ප්‍රදේශයේ වායු ගුණාත්මක දර්ශක අගය 101ක් ලෙස වාර්තා වී ඇති අතර, එය සුළු වශයෙන් අහිතකර මට්ටමට අයත් වේ.
රත්නපුර ප්‍රදේශයෙන් 96ක අගයක් වාර්තා වී ඇති අතර එය මධ්‍යස්ථ මට්ටමක් ලෙස සැලකේ.

