පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

‍2027 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් අද (17) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

සිය ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට බලාපොරොත්තු වන බවයි එම සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ.

“අද දින අපි දිවයින පුරා සියලුම රජයේ පශු වෛද්‍ය කාර්යාල, ඒ වගේම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, සත්ත්ව නිරෝධායන අංශ, රටේ සියලු තැන්වල පශු වෛද්‍යවරු වැඩකරන තැන්වල අපි එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනවා. මේක අපි සිදුකරන්නේ 2027ට නියමිත අයවැය යෝජනාවලියට අපි සම්බන්ධයෙන් කිසිම දීමනා වැඩිවීමක් හෝ අපි සම්බන්ධයෙන් කිසිම විදිය සහනයක් ලබාදීමක් සිදුවුයේ නෑ. ඒ නිසා තමයි අපි මේ ක්‍රියාමාර්ගය අරන් යන්නේ. ඒ වගේම මේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් රජය ඉදිරියේදීත් නොගන්නේ නම් 2027ට නියමිත සංවර්ධන කටයුතුවලින් අපි ඉවත් වෙනවා කියලා තීරණය කරලා තියෙනවා.”