අද සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව, රුපියල් 4,965ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 6,740කි.
එසේම රුපියල් 1,988ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 2,720කි.

