ගංගා කිහිපයක තවමත් සුළු ගංවතුර තත්ත්වයක්

නිල්වලා සහ ගිං ගංගාවල ඇතැම් ප්‍රදේශවල පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය දිනවලට සාපේක්ෂව වර්ෂාපතනයේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, නිල්වලා ගඟ ඉහළ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75ත් 100ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බවය.

එසේම මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර් 50ත් 75ත් අතර වර්ෂාපතනයක්ද, මහ ඔය ඉහළ ප්‍රදේශයට මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක්ද ලැබී තිබේ.

නිල්වලා ගඟේ අකුරැස්ස සහ ඊට පහළ ප්‍රදේශවල තවදුරටත් සුළු ගංවතුර මට්ටමක් පවතින අතර, ගිං ගඟේ පහළ ප්‍රදේශයේ පත්තිගම සහ ඒ ආසන්න ප්‍රදේශවලද එම තත්ත්වය පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ගංගාවල ජල මට්ටම් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,