කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 21,500 සීමාව පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනයේදී යළිත් ඒකක 21,500 සීමාව ඉක්මවා ගොස් තිබේ.

පසුගිය සැප්තැම්බර් 09 වැනිදා එම සීමාවෙන් පහළට පැමිණීමෙන් අනතුරුව මාස දෙකකට පමණ පසු යළිත් එම මට්ටම ඉක්මවා යාම විශේෂත්වයකි.

අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 291.72කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ ඒකක 21,531.37ක් ලෙස සටහන් විය.

මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 97.77කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ ඒකක 6,143.15ක් ලෙස සටහන් විය.

අද දිනයේ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.33ක් ලෙස සටහන් වුණා.