කොළඹ කොටස් වෙළෙඳපොළ මිල අද දිනයේ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
එහි ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කරමින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 421.48 කින් (2.09%) ඉහළ ගොස් 20,541.12ක් ලෙස සටහන් විය.
එසේම S&P SL20 දර්ශකය ද ඒකක 112.52 කින් (1.97%) ඉහළ යමින් 5,838.09ක් ලෙස සටහන් වුණා.
අද දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.85ක් ලෙස වාර්තා වී තිබේ.

