උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු අවපීඩනයක් දක්වා වර්ධනය වී ඇතැයි එහි දැක්වෙන්නේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ පවතින වැසි තත්වය තවදුරටත් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.
උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

