Champi සුළි කුණාටුව තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටි ‘යිලාන්’ (Yilan) ප්‍රාන්තය අසලින් සෙනසුරාදා ගමන් කර තිබෙනවා.
තායිවානයේ මධ්‍යම කාලගුණ පරිපාලනයට අනුව Champi යනු සුපිරි සුළි කුණාටුවක් දක්වා වර්ධනය වූ අතර එය මේ වසරේ පැසිෆික් කලාපයේ හටගත් ප්රබලතම කුණාටුවලින් එකක් වනවා.
දැනට එය දුර්වල වෙමින් පැවතියද, එහි කේන්ද්‍රය ආසන්නයේ පැයට කිලෝමීටර් 126ක් (සැතපුම් 78ක්) පමණ වේගයකින් යුත් සුළං හමා යන බවයි කාලගුණ අංශ සඳහන් කළේ.
එහි දී එක් අයෙකු මිය ගොස් 500කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එසේම ගස් කඩා වැටීම් සහ විදුලිය ඇනහිටීම වැනි හානි ද වාර්තා වී තිබෙනවා.
කුණාටුව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන මාර්ගයට අනුව, එය උතුරු දෙසට හැරී චීන වෙරළ තීරය ඔස්සේ ගමන් කරමින් අවසානයේ දකුණු ජපානය දෙසට ගමන් කරනු ඇත.

